මැතිවරණ පමණක් ඉල්ලන්නේ රට ගැන නොහිතන දේශපාලකයෝ…! – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර…

February 15, 2023 at 7:05 pm | by emanisa.lk

මැතිවරණ පමණක් ඉල්ලා සිටින්නේ රට ගැන නොසිතන දේශපාලන පක්ෂ යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිටපු මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර පවසයි.

රට දුෂ්කරතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය කෙටි කලකට කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නොවන බවයි, හිටපු මහාචාර්යවරයා අවධාරණය කළේ.

අප වැනි කුඩා රටකට පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් අට දහසක් අවශ්‍ය නොවන බවත් එම පිරිස අඩු කිරීමේ යෝජනාව කාලෝචිත බවත් මහාචාර්ය මද්දුමබණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *