මැතිවරණ නීති කඩමින් ආණ්ඩුව ජනතාව කිරි හරක් බෙදයි…!

April 18, 2025 at 11:16 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා වන කාලය තුළ රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිදුවීම් විස්සක් වාර්තා වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි

රජයේ වාහන අවභාවිත කිරීම්, රාජ්‍ය සේවකයන් ස්ථාන මාරු කිරීම්, රාජ්‍ය සේවකයන් උසස් කිරීම් සිදුවීම් වාර්තා වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අනාවරණය කරයි.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්වත් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

රජයේ සහනාධාර ව්‍යාපෘතිය යටතේ මහවිලච්චිය ප්‍රදේශයේ කිරි ගවයන් බෙදා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද වාර්තා වූ බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *