මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන…!

January 28, 2023 at 5:35 pm | by emanisa.lk

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ්ට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්නට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ‍ය.

එස්.බී. දිවාරත්නට හා කේ.පී.පී. පතිරණට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය. මේ වන විට ඔවුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *