මැතිවරණයක් ඉල්ලා රට වටේ යන එකම පක්ෂය සමගි ජන බලවේගයයි…! – සජිත්….

February 25, 2023 at 8:06 pm | by emanisa.lk

පෙර පාසල් දරුවන් පවා මේ රටේ මැතිවරණයක් ඇතැයි දන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එය නොදන්නා එක ම පුද්ගලයා මේ රටේ ජනාධිපති බවයි, ඔහු සඳහන් කළේ.

එජාප කණ්ඩායම මැතිවරණය සඳහා ඇප බඳින විට එහි නායකයා එය නොදැන සිටියේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මැතිවරණය නැවැත්වීමට උවමනා ජනාධිපතිට සහ අගමැතිට බවත් මැතිවරණය පැවැත්විය යුතු බව කියමින් රට වටේ යන එක ම පක්ෂය සමගි ජන බලවේගය බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

වැලිඔය පැවැති ජන හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *