මැඩම් මගේ ඔළුව කොමඩ් එකේ ඔබල, වැසිකිළි වතුර නහවා පහර දුන්නා….! – බදියුදීන්ගේ නිවසේ විඳි දසවධ දැරියක් හෙළි කරයි…

July 29, 2021 at 7:47 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ තමන්ගේ මුහුණ කොමඩ් එකෙහි ඔබා වැසිකිළි වතුරින් නහවමින් පහර දුන් බව එම නිවසේ මෙහෙකාර සේවයේ නිරත වූ දැරියක අනාවරණය කර තිබේ. එසේ ම ඉඳුල් වතුර මුහුණට දමා පිඟන්වලින් පහර දුන් බව ද ඇය හෙළි කර තිබේ.

මෙසේ කෘර වධ හිංසාවලට ලක් කර ඇත්තේ වැසිකිළි හොඳින් පිරිසිදු නොකළ බවට සහ පිඟන් හොඳින් නොසේදූ බවට චෝදනා කරමිනි. මෙම නිවසේ සේවයට පැමිණි තරුණියන් 11 දෙනා අතරින් එක් අයෙකු මේ බව පොලිසිය ඉදිරියේ හෙළිකර තිබේ.

බදියුදීන්ගේ බිරිඳ පමණක් නොව පවුලේ සෙසු සාමාජිකයින් ද මෙම දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බවත් ඇතැම් අවස්ථාවල දී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවත් හෙළිව තිබේ.

මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වන විට සොයා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *