මා සභාපති ධූරයෙන් නෙරපුවේ ටෙලිකොම් එක විකුණන්න…! – රොහාන් ප්‍රනාන්දු…

July 20, 2023 at 6:12 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු පවසයි.

අද (20) උදෑසන රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් පත්කර තිබේ. ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු තව දුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව ද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *