මාස 06ට වෙඩි තැබීම් 37කින් මරණ 23ක්…! එකා පිට එකා මරා ගන්න හේතුව මෙන්න…!

June 24, 2023 at 5:18 pm | by emanisa.lk

පසුගිය දින කිහිපයේදී දිවයින පුරා සිදුවූ ඝාතනවලට මුලික හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බල ප්‍රදේශ හිමිකම සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් යැයි බුද්ධි අංශ පරීක්ෂණවල දී තහවුරු වී තිබේ.

හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රදේශවලට පිටින් පැමිණි වෙනත් පිරිසක් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කිරීම මෙම ගැටුම්වලට මූලික හේතු වී ඇතැයි අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ අඩදබර කර ගැනීම්, ඔත්තු ලබාදීම් ආදී හේතු ද ඇතුළත් බව එම පරීක්ෂණවල දී හෙළි වී ඇත.

ඩුබායි සිටින එස්.එෆ්. ජගත්, කොස්ගොඩ සුජී ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සබඳතා මේ සියලු ඝාතන පිටුපස ඇති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. පසුගිය සිකුරාදා වන විට මේ වසරේ වෙඩි තැබීම් 37 ක් සිදු වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 23 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *