මාස හයෙන් රට හදන්න අනුරට අගමැතිකම දෙනවා..! ඔහුට නොබෙල් තෑග්ගත් දිය යුතුයි..! – රනිල්..

July 5, 2022 at 11:40 am | by emanisa.lk

ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව බංකොලොත් වූ රටක් ලෙ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පාර්ලිමේන්තුවේ දී අද (05) මේ බව පැවසීය.

ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූයේ එම සීමාවේ සිටි යැයිද අගමැතිවරයා සඳහන් කළේය. අගමැතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී විය. අගමැතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇති මාස හයක් ඇතුළත රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තමා සහාය දෙන බවත් ඒ අනුව ඔහුට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් තමා අගමැති ධූරයෙන් ඉවත්වීමට ද සූදානම් බව ද කීවේය.

රට වැටී ඇති මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එවැනි කටයුත්තක් කළ හැකි පුද්ගලයාට නොබෙල් සම්මානය ද ලබා දිය හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේය. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් Gota go home යැයි පවසමින් උද්ඝෝෂණය කරන්නට විය. එහි දී කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *