මාස හතරෙන් රටට ම කොරෝනා එන්නත දෙනවා…! – ඇමැති ජයසුමන…

February 7, 2021 at 1:37 pm | by emanisa.lk

තවත් මාස 04ක කාලයක් තුළ එන්නත් ලබා දිය යුතු මෙරට සියලු දෙනා වෙනුවෙන් එන්නත් ලබා දී අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ වුව ද රටේ සංවර්ධන ක්‍රියාවලිය ද අඛණ්ඩව සිදු කරන බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 160,000 ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනය තුළ පුද්ගලයින් 3,838කට එන්නත ලබා දීමත් සමඟය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ වන විට එක්ලක්ෂ 60,148 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී අවසන් කර ඇති බවයි.

ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලද මෙම එන්නත් තොගයේ පළමු මාත්‍රාව ලබා දුන්නේ මෙරට කොරොනා මර්දන මෙහෙයුම්වල ඉදිරියෙන් සිටින පිරිසටයි.

ඒ අනුව සෞඛ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට එන්නත පළමුවෙන් ලබා දීම සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *