වසරේ ගත වූ මාස දහයට ත්රිවිධ හමුදාවේ නිලධාරීන් එකසිය හතළිහක් ඇතුළුව පහළොස්දහස් තුන්සිය හැටක් හමුදා සේවය අතහැර පැන ගොස් තිබේ.
මෙම පිරිසට යුද හමුදාවේ නිලධාරීන් අනූනවයක්, නාවික හමුදාවේ නිලධාරීන් විසි හයක් හා ගුවන් හමුදාවේ නිලධාරීන් පහළොවක්ද අයත්ය.
සෙසු නිලයන්හි පැනගිය පහළොස් දහස් දෙසිය විස්සක් අතර යුද හමුදාවේ දොළොස්දහස් හයසිය හතළිස් තුනක්, නාවික හමුදාවේ එක්දහස් හත්සිය හැත්තෑවක්ද අයත්ය.
පැනගිය නිලධාරීන් හා සෙසු නිලයන් අත්අඩංගුවට ගැනීමට මේ වනතුරු ක්රියාත්මක වී ඇත්තේ එක් පොදු සමා කාලයක් පමණක් වන අතර මෙතෙක් පැනගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මක කර නොමැත.
රට පුරා සිදුවන මිනීමැරුම් හා මැර ක්රියාකාරකම් සඳහා පාතාල නායකයන් විසින් හමුදාවෙන් පැනගිය අය කොන්ත්රාත් ඝාතකයක් ලෙස යොදවා ගන්නා බව විමර්ශනවලදී මීට පෙර හෙළිවී තිබිණි.