මාසික රාජ්‍ය ආදායම බිලියන 169යි…! වියදම බිලියන 441යි…! ඡන්දෙකට මුදල් දීම අති දුෂ්කරයි…! – භාණ්ඩාගාරය අධිකරණයට දැනුම් දෙයි….

January 20, 2023 at 11:31 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර වී ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

දිවුරුම් ප්‍රකාශයක් මගින් ඔහු සඳහන් කර ඇත්තේ රජයේ මුදල් කළමනාකරණය ඉතා අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුව මත පළාත් පාලන මැතිවරණ මුදල් සොයා ගැනීම අසීරු කාර්යයක් වී ඇති බවත්ය.

රජයේ සමස්ත මාසික ආදායම රුපියල් බිලියන 169ක සීමාවේ පවතින අතර රජයේ සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප්, සහනාධාර, පොහොර, ඖෂධ සඳහා මාසික වියදම රුපියල් බිලියන 145 ක් වැය වන බව ද එමගින් පවසයි.

ඊට අමතරව රජය විසින් පොලී ගෙවීම්, ණය ගෙවීම් සහ ප්‍රාග්ධන වියදම් ද ඇතුළු තවත් විශාල වියදම් ප්‍රමාණයක් දැරිය යුතුව ඇති බවත් එම සියලු මාසික වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 296 අවශ්‍ය බව ද සඳහන් කර ඇත.

මේ තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයට මුදල් වියදම් කිරීමට මෙන්ම රජයේ මුදල් අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා යෙදවීම ද අතිශයින් ම දුෂ්කර වී ඇති බවත් මහින්ද සිරිවර්ධන තම දිවුරුම් ප්‍රකාශය මගින් දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *