සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකි නිසා බන්ධනාගාරගත වන සිරකරුවන් සියයක් නිදහස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ බන්ධනාගාර පරිපාලන හා පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක, ව්‍යාපෘති ප්‍රධානී මාලන් පෙරේරා සහ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර අතර සිදු වූ සාකච්ඡාවක ප්‍රතිඵලය ලෙසය.
අපේ රටේ රු. 5000ක් වැනි දඩ මුදලක් ගෙවාගත නොහැකිව විශාල පිරිසක් අවුරුද්දක් පමණ සිරදඬුවම් විඳින බව හඳුනා ගෙන තිබේ.
මෙම සිරකරුවන්ගේ දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට මේ වන විටත් සැලසුම් සකස් කර ඇති අතර දිලිත් ජයවීර ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට එකඟ වී තිබේ.
මෙම සිරකරුවන් තෝරාගනු ලබන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ දැඩි අධීක්ෂණය යටතේ නිසි ක්‍රියා පටිපාටිය අනුව බව වාර්තා වෙයි.