ජනතාව දුක් විඳින්නේ මා පරාජය කර වූ නිසයි….! මං ජනපති වුණා නම් අලි ගම් වදින්නේ නෑ….! – සජිත්…

February 15, 2021 at 2:18 pm | by emanisa.lk

අලි ගමට පැන ගෙවල් කඩන දුකට තමා ජයග්‍රහණය කළේ නම් මුහුණ දීමට සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පඩවුගම වැව ඉස්මත්තේ තම ගෙවල් අලි කඩා දමා ඇති බවට ගැමියෙකු දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

තමා පරාජය කරවා මේ රටේ ජනතාව විහින් දුකට පත් වූ බවත් ජනතාව සමගි ජන බලවේග ආණ්ඩුවක් පත්කර වරද නිවැරදි කර වූ පසු මෙම ගැටළු සඳහා විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

විපක්ෂ නායක ජංගම සේවයට ලුණුගම්වෙහෙර දී එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස