මාලිමා ආණ්ඩුව හැමෝටම මහ බැංකු සේවකයින්ට වගේ පඩිය‍ ගෙවනවා..! – විජිත හේරත්..

March 13, 2024 at 12:50 pm | by emanisa.lk

බොහෝ පිරිසක් කෑ ගසන්නේ මහ බැංකු සේවකයින්ට පඩි වැඩි යැයි පවසමින් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකු සේවකයින්ට පඩි වැඩි නොව අනෙක් අයට පඩි මදි බවයි.

මහ බැංකු පියන් කෙනෙකුගේ වැටුප රු. 180 000ක් නම් සෙසු රාජ්‍ය සේවක වැටුප් ද ඒ මට්ටමට ගෙන ආ යුතු බවයි, විජිත හේරත් ප්‍රකාශ කළේ.

සටන් කළ යුත්තේ වැඩි වූ පඩි අඩු කිරීමට නොව සෙසු පඩි ද ඒ මට්ටමට ගෙන ඒමට බව හෙතෙම අවධාරණය කරයි.

ජාතික ජන බලවේග යක්කඩුව කොට්ඨාශ ජන හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *