මාලිමා අපේක්ෂකත්වයට රට පුරා පොරකති… මහනුවරින් අයඳුම්පත් 500ක්…!

October 5, 2024 at 2:27 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සඳහා ජාතික ජන බලවේගයට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙමින් ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදිය හැක්කේ එක් පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් 15 දෙනෙකු පමණක් වන අතර තෝරාගන්නේ මන්ත‍්‍රීවරුන් 12 දෙෙනකු පමණි. එහෙත් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පමණක් අයඳුම්පත් පන්සියයක් පමණ යොමු කර තිබේ.

දැනට ඉදිරිපත් වී ඇති අයදුම්පත් අතරින් හැට දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂය විසින් අවධානය යොමු කර ඇති බවත් ඉන් අවසන් 15 දෙනා තෝරා ගැනීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම පවසයි.

ජාතික ජන බලවේග අපේක්ෂකයන් මනාප අංක ප්‍රදර්ශනය කරන නමුත් පෞද්ගලිකව මනාප ඉල්ලා සිටීමක් සිදු නොකරන බව ද ලාල්කාන්ත තව දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *