පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන්ට ගැළවීමක් නෑ… මාලිමා ආණ්ඩුවෙන් උපරිම දඬුවම්..!

April 17, 2024 at 6:38 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය ජාතිවාදී කෝලාහල ඇති කර ඒ මතින් පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් දියත් කළ කුමන්ත්‍රණයක් බව ජාතික ජන බලවේගය පවසයි.

ඊට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම ජාතික ජන බලවේග ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය අවධාරණය කළේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධව දැනට රටින් පළා ගොස් සිටින සැකකරුවන් නැවත ගෙන්වා ගෙන ප්‍රහාරයේ සැලසුම්කරුවන් හඳුනා ගෙන ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බව ද ජාතික ජන බලවේගය එම නිවේදනය මගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *