ජාතික ජන බලවේග ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පක්ෂ විධායක සභාව විසින් තමා නිල වශයෙන් තෝරාපත් කරගත් බව එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඊයේ (28) දින රැස්වූ ජාජබ විධායක සභාව විසින් එම තීරණය ගත් බවයි, ඔහු සඳහන් කළේ.
අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (28) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකට එක්වෙමිනි.