ජාතික ජන බලවේග ආණ්ඩුව මේ දුෂ්කර අවස්ථාවේ බලයේ නොතිබුණි නම් මේ රටේ ජනතාවට බඩගින්නේ මියයෑමට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනප්රිය නළු ජගත් මනුවර්ණ සඳහන් කරයි.
අද වන විට ලෝකයේ බොහෝ රටවල විවිධ අර්බුද හටගෙන ඇති බවත්, එම ලෝක අර්බුද ඇති වන්නේ තම පාලනයෙන් තොර බාහිර හේතූන් මත බවත් මන්ත්රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ලෝකයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත්, ශ්රී ලංකාවට ද එම තත්ත්වයේ බලපෑමට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් ජගත් මනුවර්ණ වැඩි දුරටත් සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.