‘clean sri lanka’ වැඩසටහන වත්මන් රජය බලයට පත්කිරීමට කටයුතු කළ ජනතාවට සතුටුදායක පුවතක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කමිටු සාමාජික පසන් කස්තුරි පවසයි.
එම වැඩසටහනට ත්‍රිවිද හමුදාව සම්බන්ධ කර ගන්නා බව ප්‍රකාශ කොට ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
පසුගිය සමයේ හමුදාව සම්බන්ධ කරගෙන කළ සියලු වැඩසටහන් රට මිලිටරිකරණය කරන බවට හමුදාව පාරේ කුණු ඇද්දීමට යොදන බවට සහ හමුදාවේ කීර්ති නාමය අපහාසයට පත්කරන බවට චෝදනා කරමින් එවක විපක්ෂය නියෝජනය කළ වත්මන් ආණ්ඩුවේ නායකයන් විවේචනය කළ බව ද පසන් කස්තුරි සඳහන් කරයි.
ජනතාව වර්තමාන ආණ්ඩුව පත් කළේ හමුදාව පොලිසිය දමා කුණු ඇද්දවීමට නොව වහා විමර්ශන සිදුකර උගන්ඩාවේ සැඟවූ ඩොලර් ගෙන ඒමට විභාග වංචා සෙවීමට බව මතක තබා ගත යුතු යැයි ද හෙතෙම අවධාරණය කරයි.
පසන් කස්තුරි මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.