මාලිමාණ්ඩුව ඇල්ලූ පළවෙනි හොරා ලංගම සභාපති කළා…! – වරුණ රාජපක්ෂ…

October 6, 2024 at 7:45 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වාහන අමතර කොටස් ගෙන්වීම සහ රක්ෂණ කටයුතු සම්බන්ධ වංචා චෝදනා එල්ල වූ සභාපතිවරයෙක් ජාතික ජන බලවේග ආණ්ඩුව මගින් අල්ලා ඇතැයි සමගි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ පවසයි.

මෙලෙස අල්ලාගත් සභාපතිවරයා හිරේ නොදමා නැවත ලංගමයට ගෙනැවිත් දමා ඇතැයි ඔහු චෝදනා කරයි.

හොරු ඇල්ලීමට තම පක්ෂයේ උපරිම සහයෝගය ලබා දෙන නමුත් හොරු ඇල්ලිය යුත්තේ මෙසේ නොවන බවද වරුණ රාජපක්ෂ සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන කමිටු ප්‍රධානියා වර්තමාන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් බවත් තවත් සංදර්ශන නොදමා එම ෆයිල් මිටිවල ඇති චෝදනා විභාග කොට හොරු ඇල්ලීමට කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

සමගි ජන බලවේග මූලස්ථානයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් වරුණ රාජපක්ෂ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *