මාර්ග සංවර්ධනයට ප්‍රතිපාදන හිඟයි.. ගමේ පාරට සීයට තුනේ සිමෙන්ති සත්කාරයක්…!

September 19, 2026 at 1:07 pm | by emanisa.lk

වයඹ පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා සිමෙන්ති ස්ථායීකරණ ක්‍රමය (Cement Stabilization) කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉරුදෙණියේදී ආරම්භ කෙරිණි.

බොරලු ඇතිරූ මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා පවත්නා ප්‍රතිපාදන ඌනතාව හේතුවෙන් බොරලු ඇතිරීම වෙනුවට මෙම ක්‍රමවේදය අත්හදා බැලීම සිදුකෙරේ.

මෙහිදී පළමුව මාර්ගයේ ඇති පස් ස්ථරය පරීක්ෂා කර ඒ සඳහා සීයට තුනේ සිට හය (3% – 6%) දක්වා ප්‍රමාණයක සිමෙන්ති මිශ්‍ර කර ඒකාකාරී ලෙස මාර්ගය පුරා පතුරුවනු ලැබේ.

අනතුරුව පස් සහ සිමෙන්ති හොඳින් මිශ්‍ර කර නියමිත තෙතමනයකින් යුතුව සම්පීඩක යන්ත්‍ර භාවිතයෙන් මාර්ගය හොඳින් තළමින් මාර්ගය සකස් කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *