මාරවිල වැලිපොළක ලක්ෂ 05ක ඉන්ධන ගබඩාවක්…!

June 28, 2022 at 2:49 pm | by emanisa.lk

මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් පොලිසිය මගින් වටලා තිබේ.

එහි ගබඩා කර තිබූ ඩිසල් ලිටර් 900ක් සොයා ගත් බව මාරවිල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව පොලිසිය පවසයි.

මාරවිල පොලිස් වසමට අයත් බටහිර තුම්මෝදර ප්‍රදේශයේ වැලි එක්රැස්කොට අලෙවි කිරීමේ ස්ථානයක සඟවා තිබිය දී මෙම ඩීසල් තොගය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *