මාන්නපෙරුම රනිල්ගේ ඉත්තෙක්.. ඡන්දෙන් අයින් වුණේ පරාද වන බව දන්න නිසා…! – හර්ෂණ

October 16, 2024 at 9:12 am | by emanisa.lk

සමඟි ජන බලවේගයේ මහ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කර ගත යුතුය යන මතයේ සිටි අයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ඔහු පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවට ද ඔහු චෝදනා කරයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) සමඟි ජන සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

කෙසේ වෙතත් අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබා දීමට පක්ෂය විසින් කටයුතු කළද පරාජයට පත්වන බව දන්නා නිසා දැන් ඔහු ඉවත්ව සිටින බවයි, රාජකරුණා මහතා කියා සිටියේ.

එමෙන්ම නාමයෝජනා භාරදීමෙන් පසු ඡන්දය නොඉල්ලන බව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *