මාත් එක්ක ආර්ථික විද්‍යා විවාදෙකට තෙල්දෙණියට එනු! – සජිත්ගෙන් මහින්දට අභියෝගයක්….

July 25, 2020 at 10:42 am | by emanisa.lk

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තමා සමග විවාදයක් සඳහා තෙල්දෙණිය නගරයට එන්නැයි සජිත් ප්‍රේමදාස අගමැති මහින්ද රාජපක්ෂට අභියෝග කරයි.

සමගි ජන බලවේගය තෙල්දෙණිය නගරයේ සංවිධානය කළ ජනහමුවකට එකතු වෙමින් එහි නායක සජිත් ප්‍රේමදාස මෙම අභියෝගය කළේය.

අද වන විට අගමැති මහින්ද රාජපක්ෂ වචන දෙකක් ගළපා ගැනීමට නොහැකිව ළතවන බව ද ඔහු සඳහන් කළේය.

රට හමුවේ ඇති ආර්ථික ප්‍රශ්නවලට උත්තර බැඳීමට අගමැතිවරයාට නොහැකි නමුත් තමන්ට පුළුවන් බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස