මහ වැසි මැද උද්ඝෝෂණය දිගට ම…! ජනපති ගෙදර යන තුරු සටන නොනවතී..!

April 10, 2022 at 6:03 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද  (10) දිනයේ ද ක්‍රියාත්මකය.

ඊයේ (9)  පෙරවරු නමයට පමණ ගාලුමෝදර පිටිය ට රැස්වූ ජනතාව  සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක නිරත වූහ.

පිරිස ඊයේ රාත්‍රිය පහන් කරනු ලැබුවේද ගාලු මුවදොර පිටිය වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා ඉල්ලා අස් වන තෙක් විරෝධතාවක් අඛණ්ඩව මෙහෙයවන බව විරෝධතාකරුවෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස