මහ බැංකු අධිපති කියන්නේ බොරු…! පඩි වැඩිකරගත්තේ ස්වාධීන පනතට මුවා වෙලා..! – ගෙවිඳු…

March 10, 2024 at 12:57 pm | by emanisa.lk

මහ බැංකු සේවකයින්ට අත්තනෝතික ලෙස සිය වැටුප් ඉහළ නංවා ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ 2023 වසරේ සම්මත කරගත් නව බැංකු පනත අනුව බව යුතුකම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි බලයක් 1950 පටන් මහ බැංකුව සතුව ඇති බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවයි.

1950 සිට මහ බැංකුවේ සියලු පරිපාලන තීරණ ගත්තේ මුදල් මණ්ඩලය බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නිල බලයෙන් එහි සාමාජිකයෙක් වූ බවත් පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග වැඩි දුරටත් ප්‍රකාශ කළේ 2023 නව මහ බැංකු පනත මගින් මුදල් මණ්ඩලය වෙනුවට ස්ථාපිත කර ඇති පාලක මණ්ඩලයට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝජනය අහිමි කර ඇති බවයි.

මෙමගින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට පැවරී ඇති වගකීම් අනුව සෙසු රාජ්‍ය සේවක වැටුප් සමග තුලනාත්මකව සසඳා බලා මහ බැංකු වැටුප් ඉහළ නැංවුව ද මේ වන විට රිසි සේ සිය වැටුප් ඇතුළු වරප්‍රසාද ඉහළ නංවා ගැනීමේ අවස්ථාව මහ බැංකු සේවකයින්ට හිමිව ඇති බවයි, ගෙවිඳු කුමාරතුංග එම ලිපිය මගින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *