මහ බැංකුව දිනකට බිලියන 600ක් පාඩු ලැබුවේ ජනතාව යහපත වෙනුවෙන්…! – මහ බැංකු අධිපති…

May 7, 2024 at 7:51 pm | by emanisa.lk

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදි ලාබ පාඩු ලැබිය හැකි බවත් වැදගත් වන්නේ ලාබ ලැබුවාද පාඩු ලැබුවාද යන්න නොව ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා ද යන්න බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

මහ බැංකුව පාඩු ලැබූ වර්ෂ මෙන්ම ලාබ ලැබූ වර්ෂද තිබූ බවත් පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දිනකදී රුපියල් බිලියන 600 ක පමණ පාඩුවක් මහ බැංකුවට සිදුවූ නමුත් ඉන් ජනතාවට යහපතක් වූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුව පාඩු ලබන අසාර්ථක ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රවරයෙකු කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *