මෙවර මහා මැතිවරණයෙන් ජයගත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයන් තිදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් නොවන බව වාර්තා වෙයි.
එලෙස ජය ගත්තේ කළුතර දිස්ත්රික්කය නියෝජනය කළ රෝහිත අබේගුණවර්ධන, බදුල්ල දිස්ත්රික්කය නියෝජනය කළ චාමර සම්පත් අමරසූරිය සහ මහනුවර දිස්ත්රික්කය නියෝජනය කළ කාංචන ජයරත්නය.
ඔවුන් තිදෙනාම ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහට සහයෝගය ලබා දුන් මන්ත්රීවරුය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මෙවර ජාතික ලැයිස්තුවෙන් ආසන දෙකක් හිමි අතර එහි මුලින්ම ඇත්තේ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නමයි. එහි දෙවනුවට ඇත්තේ ලලිත් ඇතුලත්මුදලි පදනමේ ලේකම් ශමිල පෙරේරාගේ නමයි.