සිය ප්‍රමුඛතාව වන්නේ දුෂණය හා අවභාවිතාව නතර කිරීම බව ජනාධිපති ධූර අපේක්ෂක සමගි ජන බලවේග හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
“සමඟි ජන බලවේගයේ නායකයා සමග ප්‍රශ්න කිහිපයක් තිබුණා. 2020 දී සමගි ජන බලවේගය තනතුරු දුන්නේ නෑ. මුදල් දුන්නේ නෑ. මගේ මුදලින් ගම්පහ සමඟිය උස්සල තිබ්බා. සමගි ජන බලවේගය පිළිබද මම අද කලකිරීමෙන් ඉන්නේ. කරුණු තුනක් නිසා මම සමඟි ජන බලවේගයේ නායකයාව පිළිකුල් කරනවා.
මම ඇතුළු 25 ක් කිව්වා රට ගැන හිතලා ආණ්ඩුව භාරගමු කියලා. හර්ෂ ද සිල්වා කිව්වා මේ රටට අතගහන්න බෑ කිව්වා. සජිත් ප්‍රේමදාස වගකීම්වලින් පැනලා ගියා. සජිත් ප්‍රේමදාස ඉතා නිවට බියගුලු විදිහට එදා ඩලස්ව දැම්මා. එයාට බුද්ධියක් තිබුණේ නෑ. සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස යුක්තිය වෙනුවෙන් තරුණයින් 65000ක් ඝාතනය කළා. සජිතුත් හදන්නේ ඊට වඩා එකක් කරන්න.
මම රට වෙනුවෙන් බෙල්ල තියෙනවා. යුතුකම වෙනුවෙන් කටයුතු කරනවා. මට ජාවාරම්කරුවන් උදව් කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂට උදව් කළ ඔක්කොම ජාවාරම්කරුවන් කැසිනෝකරුවන් දැන් ඉන්නේ සජිත් ගාව. ගාලු මුවදොර සජිත්ගේ බිරිඳ දාලා තියෙන සැලොන් එකේ කඩ කුලීය ගෙවන්නේ සීනී බදු වංචාකාරයා. රට බංකොලොත් ණය ගෙවන්න බෑ. අතීතයේ තිබුණ ශ්‍රී විභූතිය දැන් නෑ. හිදින්න නැති කන්න බොන්න නැති රටක් අද බිහිවෙලා. ජනතාව මේක තේරුම් ගනීවී.
පක්ෂවලට වහල්වෙලා කරන දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න ඕන. මේ රට ගොඩයන්න ඕන නම් 95% පාවෙන ඡන්ද වෙන්න ඕන. පක්ෂවලට ගැතිවෙන්නේ නැතිව හරි මිනිසුන්ට ඡන්දය දෙන්න. මගේ ප්‍රමුඛතාව දූෂණය සහ අවභාවිතය නතර කරන එක. සමඟි ජන බලවේගයේ නායකයා කමිටුවක් හදලා තියෙනවා දුෂණය නවත්වන්න ඒ පස්දෙනාම හොරු.
මගේ ප්‍රමුඛතාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. රටේ විනය රකිනවා. අවුරුද්දක් ඇතුළට රට මත් උවදුරෙන් රට බේරාගන්නවා. සමහරු පාසල්වලට ලැප්ටොප් 5ක් දීගෙන යනවා. එහෙම දීලා වැඩක් නෑ. ලැප්ටොප් 5ක් දීලා ඉංග්‍රීසියෙන් මොනවා ද කිව්වා මටත් ඒක තේරුණේ නෑ. තරුණයින් කියන දේ තේරුම් ගන්න බැරි නායකයෙක් ආවොත් මොනවා වෙයිද? මේ වගේ බුද්ධියක් නැති නායකයෙක් එක්ක හිටගන්න එපා. රට ආගාධයකට යන්නේ. රණ විරුවන්ගෙන් ඉල්ලනවා දෙවන මෙහෙයුම කරන්න මා සමග එකතුවෙන්න කියලා. සැප්තැම්බර් 21 හරි තීරණයක් ගනිමු.”
සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) මහරගම පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.