ලංකාවේ තවමත් මහින්ද රාජපක්ෂ සමග කරට කර තරග කළ හැකි දේශපාලන පෞරුෂයක් ගොඩනැංවී නැත.
ඒ නිසා ලංකාවේ දැනට තිබෙන දේශපාලන සමතුලනය වෙනස් වෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගිය විටයි.
ඊළග මැතිවරණයේ දීත් මහින්ද රාජපක්ෂ තීරණාත්මක සාධකයක් වනු ඇත. 2015 දී මෙන් ඔහුට විරුද්ධව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම සැක සහිත තත්වයක් තුළ ඒ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පාර්ශ්වය පරාජය වීමට ඇති ඉඩ සීමිත වේ.
– ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි