හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් කටයුතු කිරීම ඇගයීමට ලක් කොට ඇත.
දුටු ගැමුණු රජුගෙන් පසුව එවැනි ක්‍රියාවකට ධෛර්යය තිබූ එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ද ඔහු පවසයි.
එසේ ම ඊට අදාළව මහින්ද රාජපක්ෂ විසින් වගකීමක් බාර දුනහොත් එය සතුටින් බාර ගන්නා බවද ඔහු සඳහන් කොට ඇත.
මර්වින් සිල්වා පසුගිය සමයේ රාජපක්ෂ පවුල දැඩි ලෙස විවේචනය කිරීමට කටයුතු කළ අයෙකි.