අගමැති මහින්ද රාජපක්ෂ පන්සලට පැමිණි විට ජනතාව බෝධි වන්දනාව සහ ගාථා කීම නතර කර ඔහු පසුපස යන බව කැලණිය රජමහ විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පවසයි.
එය වරක් හිටපු ඇමරිකානු තානාපතිනියක ද තමා සමග පැවසූ බව එහිමියන් සඳහන් කළේය. එහෙත් ඇතැම් ජන නායකයන් පැමිණි විට ජනතාව වාඩි වී සිටින තැනින් පවා නොනැගිටින තමන් වහන්සේ අත්දැකීමෙන් ම දන්නා බව ද එහිමියන් අනාවරණය කළේය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු බලය දැරුව ද නොදැරුව ද ජන බලය හැමදාම ඔහු සමග රැඳෙන බව ද සංඝරක්ඛිත හිමි පෙන්වා දුන්නේය.
මේ ආකාරයට ජනතාව ඔහු වටා රොද බඳින්නේ සතර සංග්‍රහ වස්තුව සාංසරිකව ප්‍රගුණ කර ඇති නිසා බව ද ආචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමි සඳහන් කළේය.
බිනර පොහෝදා අරලියගහ මන්දිරයේ ධර්ම දේශනාවට එකතු වෙමින් එහිමියන් මේ බව දේශනා කළේය.