මහින්ද භූතයා පෙන්නලා රට ගැන කතා කරන අපේ කට වහන්න හදනවා…! – විමල්…

June 21, 2023 at 5:53 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය ජාතිවාදය අවුස්සන විට ඊට ප්‍රතිචාර දක්වන තමන් ජාතිවාදයෙකු ලෙස හංවඩු ගසන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරයි.

දෙමළ හෝ මුස්ලිම් ජනතාවට විරුද්ධව තමන් කුමක් හෝ ප්‍රකාශ කොට ඇත්දැයි හිටපු ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂට යළි පණ දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ භූතයෙකු කොට පෙන්වා රට දැය පිළිබඳ කතා කරන පිරිස නිහඬ කිරීමට උත්සාහ කරන්නේ යැයි ද විමල් වීරවංශ සඳහන් කළේය.

නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණ නික්ම යන අවස්ථාවේ ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *