මහින්ද නැතත් අමාදම් සිසිලස අදත් කාල්ටන් නිවසේ….!

May 15, 2022 at 7:39 pm | by emanisa.lk

සෑම පොහෝ දිනක ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැත් වූ ධර්ම දේශනාව අද (15) කාල්ටන් නිවසේ පවත්වා තිබේ.

අගමැති ධූරයට පත් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ආරම්භ කළ අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ අද පැවැතියේ 222 වෙනි දහම් දෙසුමය.

හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකකාධිකාරී වගේගොඩ රංකොත්මලු විහාරාධිකාරි නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ඉත්තදෙමලි පඤ්ඤාරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට තිබේ.‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *