ලංකාව බංකොලොත් වීමට හේතු වූයේ 2012 වසරේ දී මහින්ද රාජපක්ෂ විසින් 6.5% අධික පොලියට ලබාගත් ඩොලර් කෝටි 100ක ණය මුදල බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි.
එම ණය 2022 ජුලි 26 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා දැමිය යුතු වුවත්, අවසානයේ ඒ ණය ගෙවා ගන්නට නොහැකි වීම නිසා රට බංකොලොත් වූ බවයි, මන්ත්රීවරයා අවධාරණය කළේ.
අයවැයට පක්ෂව ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ, දැන් බදු බර වැඩි බවට මාධ්ය නිවේදන නිකුත් කිරීම විහිළුවක් බව ද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ එදා 6.5% අධික පොලියට ණය ගත්තේ දශම එකේ (0.1%) සහනදායී ණය ගන්නට පසුබිම තිබියදී බවද චම්පික රණවක කීය.
පාඨලී චම්පික රණවක මන්ත්රීවරයා එබව කියා සිටියේ, කැකුණදුර ප්රාදේශීය සභා ශ්රවනාගාරයේදී පසුගිය 23 දින පැවති එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්රික් දෙවිනුවර ජනරජ සභාව අමතමිනි.