මහින්ද ගැන ගෞරවයක් තිබුණත් පොහොට්ටුව ගැන කලකිරුණා..! – මහින්ද කහඳගම…

May 9, 2024 at 4:37 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳ විශේෂ ගෞරවයක් ඇතත් සිය දේශපාලන පක්ෂය පිළිබඳ කනගාටුවක් ඇතැයි කොළඹ මහ නගර සභා හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම පවසයි.

කඩා වැටුණු රට මේ වන විට රනිල් වික්‍රමසිංහ විසින් වැල් පාලම ඔස්සේ ඉදිරියට රැගෙන යන බව ප්‍රකාශ කළ ඔහු පෙන්වා දුන්නේ ඒ සඳහා තම පූර්ණ සහයෝගය හිමි වන බවයි.

රනිල් වික්‍රමසිංහ රට ගොඩගැනීමට ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් කටයුතු කළ ද සජිත් සහ අනුර සිය පක්ෂ ගොඩගැනීමට කටයුතු කරමින් සිටින බව ද මහින්ද කහඳගම කීය.

මැයි 09 වන දා අරගලකරුවන්ගේ දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ මහින්ද කහඳගම එහි සංවත්සරය යෙදෙන අද දිනයේ මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *