ඊළඟ පාර කොළඹින් අංක එකට පාර්ලිමේන්තු එන්නේ මං…! – මහින්ද කහඳගම…

May 10, 2023 at 10:05 am | by emanisa.lk

අරගලකරුවන් පසුගිය වසරේ මැයි 09 වෙනිදා තමන්ට පහර දුන් අවස්ථාවේ සිදුකළේ රංගනයක් බවත් එසේ නොකළේ නම් තමන් අද නොමැති බවත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම පවසයි.

ඊයේ (09) බේරේ වැව ආසන්නයේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

”එච්චර අරගලයක් කරපු අයට බැරි වුණා මෙතනට ඇවිත් සැමරුමක්වත් කරන්න. ඒකත් කරන්න වෙලා තියෙන්නේ මට. හැබැයි මං ආවේ සැමරුම බලන්න. අරගලය ජයග්‍රහණය කරපු අය අද නෑනේ එයාලා ඉන්නේ පොළොව යට. ජයග්‍රහණය කරපු අය තමා පොළොව උඩ ඉන්නේ. අපි තමා ජයග්‍රහණය කරලා තියෙන්නේ.

මේක මට පුරුදුයි. අලුතින් නාන්න දෙයක් නෑ. මේක මගෙ ගම. මම කොහොමත් නානවා බේරේ. අලුතින් නාන්න දෙයක් නෑ. අරගලයට මං ස්තූතිවන්ත වෙනවා මාව දේශපාලන නායකයෙක් කළාට.
මම ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙට පොහොට්ටුවෙන් කොළඹින් ඉල්ලලා පළවෙනියා වෙනවා.
“මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ” කියන එක තමයි මගේ දේශපාලන සටන් පාඨය. මං එදා එහෙම කියලා එතන කළේ රඟපෑමක්. ඒ රංගනේ ආවේ නැත්තම් මට අද මෙතන ඉන්න බෑ. මැරුණා වගේ ඉන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස