ආණ්ඩුව නියෝජනය කරන 157කට අධික මන්ත්‍රී පිරිසක් පත්වූයේ මහින්ද රාජපක්ෂ නාමය පාවිච්චි කරමින් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
එහෙත් ඊයේ අගමැතිවරයා සිය මන්ත්‍රී පිරිස කැඳ වූ විට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 88 දෙනෙකු පමණක් බවත් හිටපු ඇමැතිවරයා හෙළි කරයි.
මන්ත්‍රීවරු 88 දෙනෙකුට අගමැති ධූරය ලබා දිය නොහැකි බවත් ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රී ධූර 113ක බලයක් උවමනා බවත් රාජිත සේනාරත්න අවධාරණය කරයි.
විපක්ෂ නායක කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.