මහින්ද රාජපක්ෂ ණයක් ගත්තේ නම් ඒ හැම ඩොලරයකට ම මේ මහ පොළොවේ වටිනාකමක් ලබා දී ඇතැයි නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු පවසන්නේ වැව් අමුණු, මහා මාර්ග, වරාය ගොඩනැඟුණේ මහින්ද රාජපක්ෂ යුගයේ බවයි.
රට ගොඩනැඟිය හැක්කේ දේශීය ගොවියා, ධීවරයා සහ ව්‍යවසාකයා ශක්තිමක් කිරීමෙන් පමණක් බව ද පිට රටින් ආධාර එන තුරු බලා සිටින යුගය අවසන් කළ යුතු බවත් හෙතෙම කීය.
1994 වන විට 27%කට වැඩි රටේ දුප්පත්කම මහින්ද රාජපක්ෂ පරාජය කරන විට 7%කට අඩුව පැවැති බව ද නාමල් රාජපක්ෂ සඳහන් කළේය.