මහින්ද එදා දළදා මැදුරේ දී කීවේ ඇත්ත…. මන්නාරමේ තෙල් ගෑස් තියෙනවා…! – ඇමති විජිත හේරත්…

April 25, 2025 at 5:30 pm | by emanisa.lk

අපට ඇති විශාලතම ගැටලුව බලශක්තිය බවත් ලොකුම ආනයනය වියදමක් දැරීමට සිදුව ඇත්තේ බලශක්තිය සඳහා බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.

රටේ තෙල් ගෑස් සම්පත ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දළදා මාළිගය අසල දී කළ ප්‍රකාශය සත්‍ය බවත් හෙතෙම සඳහන් කරයි.

මන්නාරම් සහ කාවේරි ද්‍රෝණියේ ගෑස් සහ තෙල් නිධි ඇති බවත් ටෙන්ඩර් කැඳවා ජාත්‍යන්තර සමාගම් සමග එකතු වී එම සම්පත ගොඩගැනීමට සූදානම් බවත් විජිත හේරත් අවධාරණය කරයි.

එහි දී එකම කොන්දේසිය ගොඩ ගන්නා තෙල් ගෑස්වලින් 50%ක් රටට හිමි වීම බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *