මහින්ද අගමැතිකමින් එළවන්න පවුලෙ ගේමක්..! වැඩේට කෝට්ටේ කාර්යාලයකුත් අරී…!

January 7, 2022 at 10:30 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ තනතුරින් පහ කිරීම සඳහා පවුලේ ම පිරිසක් කටයුතු කරමින් ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

මහින්ද රාජපක්ෂ සිය ඇමැති ධූර පවා පවුලේ අය සඳහා පරිත්‍යාග කළ ද ඔවුන් එමගින් කිසිසේත් සෑහිමකට පත්ව නැතැයි ද එම වාර්තා හෙළි කරයි.

පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් විශ්‍රාම යන බවට සහ බැසිල් රාජපක්ෂ අගමැති ධූරයෙහි දිවුරුම් දෙන බවට ද පුවත් ප්‍රචාරය විය.

මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉවත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අලුතින් කාර්යාලයක් ද වෙන්කර ඇතැයි එම වාර්තා වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *