මහින්දාන්ද කියා දුන් මග ඔස්සේ ඉදිරියටම යනවා…! – නාවලපිටිය නගරාධිපති….

June 26, 2025 at 9:21 am | by emanisa.lk

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිය දේශපාලන නායකයා බවත් එතුමා කියා දුන් මග ඔස්සේ ඉදිරියට යන බවත් නාවලපිටිය නගර සභාවේ නගරාධිපති අමල් ප්‍රියංකර සඳහන් කරයි.

තමන් ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස ගමන ආරම්භ කළ බවත් සිය වැටුප ද ජනතාවට පරිත්‍යාග කරමින් නගරය ගොඩනඟන බවත් හෙතෙම අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු නාළිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

මෙවර නාවලපිටිය නගර සභාවේ බලය පිහිටු වන ලද්දේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහයෝගය ලබා දුන් ස්වාධීන කණ්ඩායම විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *