මහින්දට කෝටි 04ක් අහිමි වීම මහ ජලාශයකින් ජල බිඳක් ගත්තා වගේ…! – අනුර…

January 30, 2022 at 6:16 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති ධූරයට පත් වූ දා සිට සිය වැටුප එක ගිණුමකට බැර කොට ඇති බවත් එය ඔහුට ද අමතකව ගොස් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

අගමැතිවරයා ඉතා ම අරපිරිමැස්මෙන් කෝටි 04ක් සිය ගිණුමේ එකතු කළා සේ ම රටේ ධනය ද අරපිරිමැස්මෙන් භාවිත කළේ නම් රටේ භාණ්ඩාගාරය ධනයෙන් පිරී තිබිය යුතු යැයි ඔහු සඳහන් කරයි.

සිය වැටුප ආරක්ෂා කරගනිමින් රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති නොකළේ නම් ආසියාවේ ආශ්චර්ය නිර්මාණය කළ හැකිව තිබූ බව ද අනුර දිසානායක අවධාරණය කරයි.

මෙම මුදල අහිමි වීම මහින්ද රාජපක්ෂට මහ ජලාශයකින් දිය දෝතක් ගැනීම වැනි දෙයක් පමණක් බව ද අදාළ සොරකම සිදුකළ පුද්ගලයාට එරෙහිව මෙතෙක් කිසිදු නීති ක්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ ඒ නිසා බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *