ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට ද එම ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවය.
“ජී.එල් පීරිස් මහතාව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කරනවා කියන එක විහිළුවට කාරණයක්. හරිනම් වෙන්න ඕනේ සාගර කාරියවසම් පක්ෂ ලේකම් ධුරයෙන් අයින්වෙන එකයි.
මොකද පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව එතුමා කටයුතු කරන නිසා. පළමුව අපි නිදහස් ජනතා සභාව හැටියට අපේ මන්ත්‍රීවරු 13 දෙනාගේ කණ්ඩායම බලවත් විරෝධය හා කනගාටුව ප්‍රකාශ කරනවා මහාචාර්ය ජී.එල්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතීත්වයෙන් නෙරපන්න ගත්ත මේ තීරණයට.
අනිත් එක තමා සාගර කාරියවසම් පක්ෂ ව්‍යවස්ථාව හරියට දන්නෙත් නෑ. විධායක සභාවට එහෙම තීරණයක් ගන්න බෑ එහෙම පොදුජන පෙරමුණේ පක්ෂ මධ්‍යම කාරක සභාව තමා එහෙම තීරණයක් ගන්න ඕනේ.
ඒ නිසා මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඉදිරියේ දී. අන්තිමට සාගර කාරියවසම්ට සිද්ධ වෙන්නේ පක්ෂයයි ලේකම්කමයි දෙකම මහාචාර්ය ජී.එල්. පීරිස්ට දීලා පැත්තකට වෙන්නයි. අන්තිමට සාගරට ගෙදර යන්නයි වෙන්නේ.”