හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන බවය.