මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වෙයි.
බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.
බන්ධනාගාරයට ඉහළින් විශාල දුමාරයක් ද දක්නට ඇති අතර වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බව සඳහන්.
මේ අතර බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව සිටිති. රැඳවියන් කිහිප දෙනෙකු රෝහල්ගත කර ඇතැයිද වාර්තා වෙයි.