කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් බදු ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම්වලදී තොරතුරු හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බ් රෝහණ පුෂ්පකුමාර පවසයි.
එම කුලී ගොඩනැගිල්ල සඳහා එක් මසක් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබේ.
ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව එම ගොඩනැගිල්ල පසුගිය 6 වැනිදා එහි හිමිකරුට භාර දී ඇති අතර ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ හිමිකරුට භාරදුන් ආරක්ෂණ තැන්පතු මුදල වු රුපියල් කෝටි 7කට ආසන්න මුදල නැවත ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරන බව වාර්තා වෙයි.