මයන්ත ඉල්ලා අස්වුණා….! අපි හර්ෂ නැවත පත්කරනවා..! – සජබ…

February 25, 2023 at 8:59 am | by emanisa.lk

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නැවත පත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මෙම තනතුර සඳහා පත් කරන ලද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක එම තනතුරින් ඉල්ලා අස්වන බව තමාට දැනුම් දී ඇතැයි හෙතෙම කීය.

අදාළ තනතුරු සඳහා මන්ත්‍රීවරුන් පත් කරනු ලබන්නේ ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයන් නොවන බවත් විපක්ෂයේ එකඟතාව මත ඔවුන් පත්කර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය යෝජනා කරන ලද මන්ත්‍රීවරයා වෙනුවට ආණ්ඩු පක්ෂය විපක්ෂයේ ම තවත් මන්ත්‍රීවරයෙකු පත් කිරීමට යෝජනා කරන ලද බව ද ඔහු පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *