මුදල් ඇමැතිකම භාර ගන්නැයි හර්ෂට තානාපතිවරුන්ගෙන් බලපෑම්…!

May 21, 2022 at 5:46 pm | by emanisa.lk

සර්වපාක්ෂික රජය හා එක් වී මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වාට විදෙස් තානාපතිවරුන් බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

එහෙත් එම පක්ෂය ආණ්ඩුව හා එක් වී අමාත්‍ය ධූර භාර නොගැනීමට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

මේ අතර තමන් මුදල් කාරක සභාවේ සභාපති වී රජයට සහාය දැක්වීමට සූදානම් බව හර්ෂ ද සිල්වා මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි.

මේ අතර නව ආණ්ඩුවේ තවත් එක් ඇමැති ධූරයක් සමගි ජන බලවේගය සඳහා වෙන් කර ඇති අතර මුදල් අමාත්‍යවරයෙක් ද මෙතෙක් දිවුරුම් දී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *