මම හැමදාම සටන් කළේ පාලන මිලට හාල් දෙන්න… ජනාධිපතිතුමාටත් ඕන ඒකමයි…! – ඩඩ්ලි සිරිසේන…

October 23, 2024 at 11:33 am | by emanisa.lk

පාලන මිලට සහල් දිය යුතු බව ජනාධිපතිතුමා තීන්දු කළ අතර ඊට එකඟ වනු හැර විකල්පයක් තමන්ට නොමැති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

ඒ අනුව පෙර පැවැති ලෙස නාඩු රු. 220කට සහ කීරි රු. 260කට අලෙවි කළ යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

රටේ සියලු ව්‍යාපාරිකයන් පාලන මිලට සහල් දිය නොහැකි බව කීව ද බොහෝ දෙනා සහල් මිල පාලනය කරන්නේ තමන් යැයි චෝදනා කරන බව ද කීය.

තමා හැමදාම ගැටුම් ඇති කරගත්තේ පාලන මිලට සහල් ලබා දිය යුතු බව ප්‍රකාශ කරමින් යැයි ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.

ඊයේ (22) ජනාධිපති අනුර දිසානායක සමග සහල් නිෂ්පාදකයන් පැවැත්වූ සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *